පුලතිසි පුරවරයේ පොළොන්නරු නගරයට මදක් ඈතින් පිහිටි සොබාව සෞන්දර්යෙන් පිරිපුන් කඩවලවැව නම් සොදුරු ගම් පියසෙහි දරු දැරියන්ගේ අධ්‍යාපන සා පිපාසාව සන්සිදුවන්නාවූ එකම විදු පියස කඩවලවැව විද්‍යාලයයි.
වර්ෂ 1971.වප් මස 15 වන කිවි දින කඩවලවැව ගම් මැද්දේ නිල නිවාස 3කින් හා එක් ගොඩනැගිල්ලකින් ඇරඹි කඩවලවැව විද්‍යාලයේ මුල් ගුරුතුමා වූයේ එම් ඩී සේරම් මහතාය.එතුමා සමග යෝගානන්ද ගුරුතුමාත් බේබිනෝනා ගුරුතුමියත් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සදහා උප ගුරුවරුන් ලෙස එක්වී ඇත.
පාසලේ පලමු සිසුවා ලෙස ඒ.ජී.පී චන්ද්‍රසේන සිසුවා 1971 වප් මස 15 දින මෙම පාසලට ඇතුලත් කරන්නා ලදී.එතැන් පටන් 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වාම පන්ති ආරම්භ කර ඇත.දිනෙන් දින සිසුන් ප්‍රමාණය වැඩිවත්ම පාසලේ භෞතික සමපත්ද වැඩිවන්නට විය.
1971 පටන් මේ දක්වා ගම්වැසියන්ගේ ශ්‍රම දායකත්වයෙන්ද දානපතීන්ගේ ධන පරිත්‍යාගයන්ගෙන්ද ගොඩ නැගුණු මෙම විද්‍යාලය ප්‍රදේශයේ දරු දැරියන් විශාල ප්‍රමාණයකගේ නැණ පහන් දල්වමින් අඛන්ඩව පවත්වාගෙන යනු ලබයි.
|
ආරම්භ කළ වර්ෂය |
1971 ඔක්තෝම්බර් 15 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
03 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
15 |
|
මුල් ගුරුතුමාගේ නම |
එම් ඩී සේරම් මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
- |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
කඩවලවැව මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
එම් ඩී සේරම් මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1971 ඔක්තෝම්බර් 05 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
කඩවලවැව ගම්මානය |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ඒ.ජී.පී චන්ද්‍රසේන |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
පී.ජී ආරියලතා |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1971.වප් මස 15 වන කිවි දින |