විදුහල්පති පණිවිඩය
කඩවලවැව මහා විද්‍යාලය

ගුණාත්මක අධ්‍යාපනයක් සදහා භෞතික හා මානව සම්පත් යොදා ගනිමින් පො/කඩවලවැව මහා විද්‍යාලයේ ගමන් මගේදී ජාතික අරමුණු සාක්ෂාත් කරගැනීම සදහා කැපවූ ආදී විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ දායකත්වය මත ගොඩ නැගූ පාසල තවදුරටත් උතුරුමැද පළාත තුල සිසුන්ට සුවදායී ලෙස ක්‍රියාත්මක වීම සදහා මාගේ දායකත්වය හා කැපවීම ලබාදීම තුලින් ප්‍රදේශයේ කීර්තිමත් පාසලක් බවට පත් කිරීම මාගේ අපේක්ෂාව වේ
මේ සදහා පාසල තුල ක්‍රියාත්මක වන සෑම ව්‍යාපෘතියකින්ම,වැඩසටහනකින්ම අපේක්ශා කරන ගුනාත්මක,ප්‍රමාණාත්මක ජයග්‍රහන තුළ ප්‍රධානතම ශක්තිය වන ආචාර්ය්‍ය මණ්ඩලය සතු දැණුම,කුසලතා හා ආකල්ප ප්‍රවර්ධනය කර සිසු සිසුවියන්ගේ ජයග්‍රහන සදහා යෙදවීම වැදගත්ය.ඒ සදහා බැදුණු දෙමාපියන්,ආදි ශිෂ්‍යයන් හා ප්‍රජාව විද්‍යාලයේ සාර්තකත්වයේ පදනමයි.මෙම ක්‍රියාවලිය සදහා මාගේ කැපවීම මත ලබාගත් සාර්ථකත්වය ප්‍රජාව වෙත ලබාදීම මාගේ වගකීමයි.
අයි.බී ගංකේවල
විදුහල්පති,
කඩවලවැව මහා විද්‍යාලය